Tuesday 13 September 2011

ශ්‍රී ලංකාවෙ ලිංගික අධ්‍යාපනය හා උපදේෂනය






ශ්‍රී ලංකාවෙ පවතින අධ්‍යාපන ක්‍රමය තුල ලිංගික අධ්‍යාපනය හා උපදේෂනය යන වචන 2ට ඇත්තේදැඩි බියකි..එය භාවිතයට නුසුදුසු භයානක පිළිකුල් සහගත මාතෘකාවක් ගනයෙහිලා සැලකේ..ජීව විද්‍යාව හදාරා වෛද්‍ය පීඨයට සුදුසුකම්ලද සිසුවෙක් ලෙස මාගේ මතය නම්,මෙම විෂය කෙරෙහි මීට වඩා පුලුල්,සංවිදිත දැනුමක් ලබාදීමෙන් යහපත් මානසිකත්වයකින් හෙබි පුද්ගලයකු ගොඩනැංවීමටත්,ජීවිතයට වටිනා දැනුමක් ලබාගැනීමට අවස්ථාව උදාවන බවත්ය....

O/L කාලයේ සිට A/L අවසානය දක්වාම අප ඉහත මාතෘකාව යටතේ හැමදාම වාගේ ඉගෙන ගන්නේ..වැඩිවිය පැමිනීමේදී ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ ඇතිවන කායික විපර්යාස,උපත් පාලන ක්‍රම ආදී ප්‍රාථමික කරුණු කීපයකි....නමුත් එමගින් ජීවිතයට වැදගත් යමක් ලබාගන්න පුලුවන්දැයි  යන්න ගැටලුවකි...
දවනවිට සමාජය තුල වේගයෙන් පැතිරෙන ඒඩ්ස් රෝගය,ලිංගික රෝග වලට ගොදුරු වූ පාසල් සිසුන් ඇතුලු තරුණ ප්‍රජාව,ළමා අපචාර,ස්ත්‍රී දූෂණ,ගබ්සා කිරීම්,ප්‍රේම සබදතා නිසා සිය සිවි නසා ගැනීම්,අනියම් සබඳතා,ග්‍රීස් යකා වැනි සිදුවීම් වලට බලපානා ප්‍රධානතම හේතුවක් වන්නේ...නිවැරදි දැනුමක්,දැනුවත් කිරීමක් මෙන්ම ඊට අදාල නියමිත උපදේෂන සේවා නොලැබීම නිසාය..

පෙර කී පරිදි වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුල ඇති අඩුපාඩු නිසා,ළමුන්ගේ පෞර්ෂත්ව වර්ධනයට අහිතකර බලපෑම් එල්ලවේ...වැඩිවියට පැමිනිවිට සිදුවන විපර්යාස,උපත් පාලන ක්‍රම ආදිය  6 යේ 7තේ ළමුන්ට පවා කට පාඩම් කර ගත හැක..නමුත් සිදුවිය යුත්තේ එය නොවේ..සිදුකල යුත්තේ  අනවෂ්‍ය ලිංගික සබදතා නිසා ඇතිවන,ජීවිතයෙන් පවා වන්දිගෙවීමට සිදුවිය හැකි බලපෑම්...සමාජ රෝග,සමාජ ස්වභාවය,සමාජයේ හැසිරිය යුතු ආකාරය,දරුවන්ගේ මානසික ප්‍රෂ්න වලදී නිසි උපදෙස් ලබාදීම හෝ එවැනි ආයතන වෙත යොමු කිරීමයි..එමෙන්ම දෙමාපියන් හා මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යයන් මීට වඩා වගකීම් සහගත ලෙස වැඩ කල යුතුය..නමුත් මෙවැනි ක්‍රීයාවන් එකවරම පටන් ගත නොහැක,ඒ සඳහා සමාජය තුලද මේ ගැන මනා අවබෝධයක් හා සදාචාර සම්පන්න බවක් තිබිය යුතුය..නැත්තම් සිදුවන්නේ ළමයින්ට කුනුහරුප උගන්නනවා  කියලා මෙම ක්‍රියාවන් තව තවත් යටපත්වී,තරුණ අසහනය තවදුරටත් වැඩි වීමයි..

එබැවින් මෙවැනි ගැටලු ඇතිවූ විට, ඒ සදහා නිවැරදි,විෂ්වසනීය,විද්‍යාත්මක පදනමක් සහිත උපදේශනයන් ලබා ගැනීම අතිශය වැදගත් කරුණකි..නැතහොත් සිදුවන්නේ තම වටිනා මුදල්,කාලය නිකරුනේ වැයකර වංචා වලට හසුවී තව තවත් පීඩාවට ලක්වීමටයි..

මෙලෙස උපදෙස් නොමිලේ සපයන,පැය 24 පුරා සේවය සැලසීමට ඉදිරිපත්ව සිටින ආයතන කීපයක් නම් ශ්‍රී ලංකා පවුල් සැලසුම් ආයතනය හා Happy Life  ය..
එවායේ වෙබ් අඩවි හා දුරකථන අංක පහත දක්වා ඇත..

ශ්‍රී ලංකා පවුල් සැලසුම් ආයතනය( The family planning association of Sri lanka )
www.fpasrilanka.org

HAPPY LIFE
Tel -0112588488
sms- 0716 408 408
e-mail - happy@happylife.lk

www.happlife.lk

ඉහත ආයතන,අදාල පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය 100% ක් ආරක්ෂා කිරීමට බැදී සිටී...

  ඔවුන්ගේ මෙම ප්‍රයත්නයට, අපගේ ගෞරවනීය ස්තුතිය !!!



ශ්‍රී ලංකා පවුල් සැලසුම් ආයතනය
( The family planning association of Sri lanka )
HAPPY LIFE
























2 comments:

  1. එල එල..දිගටම ලියපන්...ජය වේවා!

    ReplyDelete
  2. www.cinelanka.net

    ReplyDelete